විලම්භීත ධර්මද්වීප

ඉල්ලංකාව කියන්නේඑක එක වයිවාරන්න නම් ගහපු  බොරු බෝඩ් ලෑලි  වලින් කවර් කරලා තියෙන ගඳ ගහන ගූ ගොඩක් බව වරක් දෙවරක් නොව සිය දාස් වාරයක් ඔප්පු වෙන කාරණයක් බව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට පිළිගන්නට සිදුවෙන තිත්ත ඇත්ත ක්ය .

මේ රටේ
හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම හෝ සුරුවම් ය. එව්වා ළඟ හැමදාම උදේ ඉඳන් හවස් වෙනකන් බණ, පිරිත්, බෝධි පූජා බාර හාර වගේම , පූජා යාච්ඤා කන්නලවු ය.

ටීවී එක දැම්මොත් රේඩියෝ එක දැම්මොත් උදේ ඉඳන් හවස් වෙනකන් පැය ගණන් පිරිලා තියෙන්නේ බණ, ගාථා පිරිත්, යාච්ඤා වගේ දේවල් වලින් ය. රේඩියෝ චැනල් සේරම හවස හය පහුවෙනකොට නිවන් දකින්න ඔන්න මෙන්න වගේ සෙත් පිටිත් සජ්ජායනා වලින් වැහිලා යන්නේය.
අපේ පෙර කල කරුම පඩිසන් දෙන්නේ පෝය දවස් වලට ය. බොහොම අතලොස්සක් ඇරෙන්න අනික් හැම චැනල් එකක්ම හරියට එව්වා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බුද්ධ සැසන අමාත්‍යාංශේට පවරා ගෙන වගේ දවස පුරාම කරන්නේ බණ කියන එකය.
ඕකේ ඊළඟ සෙල්ලම නත්තල් කාලෙට සිද්ධ වෙන්නේය. දවස් දෙක තුන ජේසු ගේ ජීවිත කතාව අපිට කියාදෙන මෙයාලා නත්තල් දවසේ පූජාවද ලයිව් ටෙලිකාස්ට් කරන්නේ ආශිර්වාද ලබාගන්න වෙන්ට ඇතිය.

බුධාගමටම වෙන් වෙච්ච ටීවී චැනල් තුන හතරක්ය .දවසේ පැය විසි හතරම රට වටේම තියෙන පන්සල් ,බෝධි පිළිම අල්ලා ගෙන පට්ට ධර්ම සාකච්ඡාය . අපිට බය තියෙන්නේ ඔව්වා බලන  එව්වෝ ටීවී එක බලං ඉන්නකොටම නිවන් යයිද කියලා ය.

කතෝලික කියලා ලොකූවට වෙනසක්නැත. මේ ළඟදී ඉඳන් කතෝලික එවුන්ට ද ටීවී චැනල් එකක් ඇත. බුදු චැනල් වල සිද්දවෙන මූලික සංසිද්ධි සේරම කිතු චැනල් එකේද කිසිම අඩුවක් පාඩුවක් නැතුව සිද්දවෙනවා ඕන කෙනෙකුට දකින්නට පුළුවන.කිතු චැනල් එකෙන් දෙන ධර්ම ටෝක්ස් දැක්කාම ළඟදීම එකෙක් දෙන්නෙක් ස්වර්ගාරෝහණය වෙන්න පුළුවන් බවට පොඩි සැකයක් ද පහල වෙන්නේය.

බුකියේත් බණ කියන එවුන් වැහි වහැලා ය. අපේ සමහර මිතුරු මිතුරියෝදාන්නෙම ජීවිතේඅනිත්‍යය, සංසාරේ දිග, කුණු කයේ යතාර්ථය වගේ පට්ට ධර්ම පොස්ට් ය. පොස්ට් නොදැම්මත් ඔය වගේ ධර්ම පොස්ට් බලන්න , ලැයික් කොරන්න , ශෙයා කොරන්නම එන තව ගොන් වාහෙලා රෑනක්ම උන්ගෙන් පස්සෙන් වැටී ඇත.

ගූගල් දෙය්යා ගේ ගූගල් ප්ලේ එකේ ඊයේ පෙරේදා රස්තියාදු වෙනකොට දැක්කේ බණ , පිරිත් වගේම , බයිබලය, ත්‍රිපිටකය වගේම කුරානය ද තියෙන app ද ඇති බවය. ඔව්වාත් පිස්සුවෙන් වගේ හොයාගෙන  ඩවුන්ලෝඩ් කරන එව්වොත් ඕනෑතරම් ය.වැඩිපුර ඇත්තේ මෙහෙ වෙන්න ඇතිය.

මේ විදියට බලනකොට
මේක දවසට පැය ගණන් බණ පිරිත් කියන , යාච්ඤා කරන ටීවී රේඩියෝ චැනල් තියෙන, පැය විසිහතර පුරාම ආගමික කරුණු විකාශය කරන එක එක ආගම් වලට ම වෙන් වෙච්ච ටීවී රේඩියෝ චැනල් තියෙන, හන්දියක් හන්දියක් ගානේ සුරුවම් පිළිම තියෙන, බණ කියන්න, නිවන් අවබෝධ කරවන්න යාච්ඤා කරන්න බයිබලය උගන්නන්න බුකියත් , ගූගලෙත්  පාවිච්චි වෙන හරි පට්ට දැහැමින් හෙමින් දියුණුවෙන රටක්  ය. ආගමික භක්තිය වැහි වහැලා ය.
එක ඇත්ත නම් ඒ වගේ රටක සාමාන්‍යෙයෙ න් ඇහෙන්න ඕනා

  • දානයක් ධර්මයක් දීපු එකක් ගැන නිවුස් ය. 
  • කවුරු හරි කාට හරි උපකාරයක් කරපු දෙයක් ගැන නිවුස් ය. 
  • ආගමික විදියට ජීවත් වෙන්න පුලුවන්  විදි ගැන සාකච්ඡා ය.

 සරලවම කිව්වොත් පින් අතේ දේවල් ය.

එත් අපි එහෙම හිතන් හිටියට , බලාපොරොත්තු වුනාට අපිට අහන්න දකින්න සිද්ද වෙලා තිඑන්නේ  ඒවගේ දේවල් නොවේය.

එක දවසක පත්තරේ බැලුවොත් රේප් කේස් ගැන අඩුම නිවුස් තුනක් වත් බුදු ෂුවර් ය.ඒවායින් එකක් අනිවා එක්කෝ තාමත් ලොකුවෙලා නැතිපුංචිම පුංචි කෙල්ලෙක්ව දූෂණය කරපු එකක් ගැනය. එහෙම නැත්තනම් අද හෙට වැලිගම්පිටි ට්‍රිප් එක යන්න ලෑස්ති වෙලා තියෙන  ආචිචි කෙනෙක්ව දූෂණය කරපු සීන් එකක් ය.

පහුගිය සතියේ කොටදෙණියාවේදී අවුරුදු පහක කෙල්ලෙක් ට කරන්න ඕන සේරම කරලා මරලා දාලා ය.
ඒ දවස්වලම ගනේමුල්ල පැත්තේ පොඩි එකෙක්ව පණ පිටින් ළිදක ට දාලා ය.
මේ ඊයේ පෙරේදා අවුරුදු 8 ක කෙල්ලෙක් ව කොල්ලෝ තුන් දෙනක් දූෂණය කරලා ය.
ඒ ඔක්කොම අස්සේ තව කොට්ටාසයක් ඒ දූෂණ කරපු එවුන් ව මරාපියවූ කියලා උද්ගෝෂණ වලය.

ඇක්සිඩන්ට් නිවුස් අවම  පහක් ය .
මිනීමැරුමක් අනිවා ය.දෙපා ය.

හොරකම් කිලෝ ගානට ය. පගා කේස් ද එක දෙක ය.

මේ හැම එකෙන්ම තේරෙන්නේ සිස්ටම එකේ ලොකු අවුලක් ඇති වෙලා තියෙන වගය. ඉන්පුට් එක ට වඩා හාත්පසින්ම වෙනස් අවුට් පුට් එකක් ලැබෙන්නේ ඒ නිසා ය.

ශාස්තෘවරු කොච්චර මහන්සි වෙලා ඒ කාලේ ඇත්ත දර්ශනය දේශනා කලත් එව්වා මුලික කරගෙන හදා ගත්තාය කියන ආගම්  අපි ඉගෙන ගෙන තියෙන්නේ සහ අපිට වගේම අපේ දරුවන්ටත් තාමත් උගන්නන්නේ අමූලික බොරුබව සක්සුදක් සේ පැහැදිලිය.

අද වෙනකොට හැම ආගම ම කරන්නේ ප්‍රායෝගික ජීවිතයට ධර්මය දේශනා කිරීම නොව ඒ ඒ ආගමේ එකවුන්ට් එක කොහොම කොහොම හරි පුරවගන්න එකය. එව්වයේ සාදුලා, පූජක වරු ඒ බලයෙන් සැප සම්පත් ලබා ගන්නා එකය.

ආගම් වල තියෙන හරය හරියටම කියාදෙන එව්වෝ බොහොම සුළු පිරිසක් ය. උන් ඉන්නෙත් ගම දනව් වලය.ඒ වගේ උතුම් මිනිස්සුන්ව හොයාගෙන ගියත් පාඩු නැත.
හැම ආගම ම වත් පිළිවෙත් වල හිර වී ඇත. ආගම කියන්නේ වත් පිළිවෙත් ගොඩක එකතුව ට කියන සර්ව නාමයක් තරමටම මේවැරදි අවබෝධය දුරදිග ගොස්  ඇත.

පෝයට ගමේ පන්සලට, රටේ ප්‍රසිද්ධ පන්සලකට හෝ මොඩ් බුඩිසම් (Modern Buddhism) එකට අනුව කොහේ හරි අසපුවකට රිංග ගන්න බොහොම බෞද්ධයෝ දවස පුරාම බණ, භාවනා කරලා පන්සිල් , අටසීල් අරන් බුදු ගුණ සිහිකරලා හවස් වෙලා ගෙදර ඇවිත් එදා ඉඳන් ඊළඟ පෝය වෙනකම් ගෙදර කට්ටියයි , තම තමුන්ගේ යාලු මිත්‍රයෝ නෑදැයෝ යි එක්ක කතා කරන කාරණා කීපයක් ඇත.

  • අහවල් හාමුදුරුවන්ගේ බණ වල ලස්සන.
  • හැමදාම අහන බණ වලට වඩා එකේ තිබ්බ වෙනස් ගතිය.
  • අහවල් අසපුවේ ඉන්නකොට දැනෙන නිස්කලංක බව
  • අහවල් සාදු ගේ ඉතිහාසය. උන්වහන්සේ වෙනත් ආගමක ඉඳන් බුද්ධාගම ගැන පැහැදිලා සිවුරක් දාගත්තු හැටි. උන්වහන්සේ බුද්ධාගම ඉගෙන ගත්තු හැටි.
  • පන්සලේ දානෙට ආපු සෙනග ගොඩ
  • දානෙට පිළියෙළ කරලා තිබ්බ කෑම ගොඩ
  • දානෙට පලතුරු හොයාගත්තු හැටි,බත් උයපු හැටි,බෙදපු හැටි

එත් කියාදීපු ධර්ම කාරනා වලට අනුව තම තමුන්ගේ ජීවිතවෙනස කරගෙන ඉස්සරහට ගෙනියන හැටි, අනුන්ගේ ඔප දූප ගම හැමතැනමපතුරලා පවු පුරෝ ගන්න එක නතර කරන හැටි, ගමේ එකෙක්ට මොකක් හරි හොඳක් වුනාම ඊරිසියාවේ  පැලෙන්නේ නැතිව ඉන්න හැටි , එක එකාට පද හදන්නේ නැතිව පාඩුවේ ඉන්න හැටි කතා කරන්නේ නැත. අඩුගානේ එදා දවසේ හාමුදුරුවෝ කයාදීපු දේවල් තමුන්ගේ ජීවිතෙට් එකතු කරගන්න පුලුවන්ද බැරිද කියලාවත් හිතන්නේ නැත.

කතෝලික සෙනග ගැනත් කියන්න තියෙන්නේ ඔයිට සමාන දෙයක්ය.
සුවාමිලා ගේ දේශනා අහන්න, සුව මෙහෙයෙන් ලෙඩ සුවකරගන්න, අත පය හෙල්ලිච්ච සුරුවම් බලන්න වගේ කාරනා මිස මෙයාලට ජේසු කියාදීපුවා හාන්කවිස්සියක් මතක නැත. මතක් කරන්න යන එකාට ඇපත් නැත.

හැමෝම ඇත්තටම කරන්නේ පට්ට බොරුව ය. මේ දේවල් අහන්න දකින්න බුදු හාමුදුරුවෝ වත් ජේසු තුමා වත් අද නැති එක අපිට වඩා එයාලගේ ශරීර සනීපයට බොහොම යහපත් ය.

බොරුවට ආගම් අදහලා අපිට වත් රටටත් වැඩක් වෙන්නේ නැත. අමුඩේ පෙනකන් රෙද්ද උස්සගෙන ආගම් රැකගන්නත් බැරිය. මේ රටේ ඉන්න සිය දාස් ගානක් වෙච්ච හාමුදුරු වරු, සුවාමිලා වගේ හැම පවිද්දෙකුගේම යුතුකම වෙන්නේ ආගම ඇතුලේ තියෙන ධර්මය හෝ ඒ ශාස්තෘවරගේ දර්ශනය මිනිස්සු අතරට ගෙනයාමය. එදාට සොබාදහම විසින්ම ඒ ඒ ආගම් රැකගන්නවා ඇත.

එහෙම නැතිව ආගමේ නාමයෙන් සාමාන්‍ය අසරණ මිනිස්සුන්ගේ ඔලු වලට පට්ට කෙබර අතැරලා , උන්ගේ මෝල් හෝදලා මුට්ටිකාසි මලු ගැහුවා ම වෙන්නේ එක්තරා දවසක රටටත් කෙලවෙලා තමන්ටත් කෙලවෙලා සබ්බ සකල මනාවම අකුලෝලා ම යන තැනට පත් වීමය.ඒ ජාතියේ ආගම් නැතිවීම ගැන අපි කිසි කෙනෙක් දුක් වෙන්නේ නැත.

38 thoughts on “විලම්භීත ධර්මද්වීප

  1. අන්න එහෙම බැලන්ස් වෙන්න ලියපං. නැත්තං දන්නවනේ?
    මම මේ කල්පනා කලේ මේ දවස්වල එල්ලුම් ගහ ගේන්න කියලා මොර දෙන උන් යුධ අපරාධ චෝදනා යටතේ හමුදා සෙබළුන් එකෙකුට හරි මේ දඬුවමක් දුන්නොත් මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා.
    (උඹ ඇයි අක්කර ගණන් හදන පල්ලි ගැන නොලියන්නේ. උන් ඔක්කොටම හපන් බං.)

    කැමතියි

  2. //ල්ලුම් ගහ ගේන්න කියලා මොර දෙන උන් යුධ අපරාධ චෝදනා යටතේ හමුදා සෙබළුන් එකෙකුට හරි මේ දඬුවමක් දුන්නොත් මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද //
    —–අඩෝ මධුවෝ..ඒ පොයින්ට් එක නම් නියමයි.
    අනිවා බලන්න ඕන එදාට පාරවල් වලට එන්නේ කවුද කියලා

    //අක්කර ගණන් හදන පල්ලි//
    -අනිවා ලියනවා. ඒකට වෙනම මාතෘකාවක් තියෙන්න ඕන.

    කැමතියි

  3. යකෝ එල්ලුම් ගහ ගේන්න කියල උද්ඝෝෂණ විරෝධතා දහයකට වඩා අද විතරක් රට හැමතැනම තිබුනාමම දැක්කා .ගෑනු උඩ පැන පැන ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවෙ වහාම වැරදිකාරයො අල්ලල එල්ලන්න කියලයි.අනේ මංදා බං මේ රටේ රෑ එළි වෙනකල් මොන තරං බණ කිව්වත් හන්දි ගානෙ පිළිම තිබ්බත් කරුවල වැටුනම කෙල්ලෙකුට පාරක බැහැල යන්න බෑ.මේ සෙල්ලං මොකුත් තිබ්බෙ නැති කාලෙ ඔයිට වැඩිය අගේට මිනිස්සු ජීවත්වුනා.

    කැමතියි

  4. විද්‍යුත්/මුද්‍රිත ජනමාධ්‍ය වලින් ප්‍රචාරය වෙන ධර්මය අහන්නේ/බලන්නේ කවුද? දැන් ඉතිං අනික් ලෝකෙට යන්ඩ පිං එකවුන්ට් එකක් දාගන්න ඕනේ කියලා හිතන අය. බණ කියන උන්නාන්සේලා තවමත් කියන්නේ, ජාතක පොතේ කතා විතරයි. ඇයි කියන්න බැරි ඔන්න පින්වත්නි හිටියා, 'සේයා' කියලා ලස්සන පුංචි ගෑණු ළමයෙක් කියලා. ඇයි කියන්න බැරි, සමාජය සේයා වගේ අය දූෂණය කරලා මරණ තැනට තල්ලු වුණේ කොහොමද කියලා. ඇයි කියන්න බැරි, පන්සලට දානේ ලොරියක් ගෙනාවත් වැඩක් නැහැ, හිත පිරිසිදු නැත්නම් කියලා. ඇයි කියන්න බැරි පිං කැටේට සතයක්වත් දාන්න එපා, හිතේ තියෙන්නේ වෙන වෙන බලාපොරොත්තු නම් කියලා.

    ඔය මරණ දඬුවම ඉල්ලන අයගෙන් බොහොමයක්, යතාර්ථාවබෝධය අතින් ඉන්නේ බින්දුවෙනුත් පහළ. අම්මට කියන ලස්සන නමක් තියනවා 'ජනනී' කියලා. ඒ කියන්නේ උපදවන්නී කියන එකයි. ඊයේ ටී වී එකේ අම්මා කෙනෙක් කියනවා මම පඩි නැතුව අළුගෝසු තනතුර කරන්නම් කියලා. අපේ විකෘතියේ තරම පෙන්නන හොඳම පිළිබිඹුවක් ඒ.

    අපේ රටේ කිසිම ආගමක පූජක වරයෙක් මෙතෙක් එලියට බැහැලා කිව්වේ නැහැ, නෑ නෑ මරණ එක නෙවෙයි විසඳුම, චර්යාව නිවැරදි කිරීමයි කියලා.

    දවසපුරා පාරේ තොටේ, රූපවාහිනියේ, ගුවන්විදුලියේ, ජංගම දුරකතනයේ, සිනමාවේ, දකින්නේ කාමය කාමය කාමය, ගැටයා කියන වයසට ආවේ නැති එකාත් දකින්නේ කාමය. කාමය සහ ශ්රුන්ගාරය කියන දෙකේ වෙනස නොදත් අවජාතක අබබ්බයෝ තමයි ඔය කාමය වපුරන්නේ, විකුණන්නේ. අන්න ඒ චර්යාවත් හදන්න ඕනේ.

    කැමතියි

  5. මගේ මතයනම් අවංකව බණ අහන යාඥා කරන අය අපරාධ නොකරන බවයි.කවර හෝ ආගමක් අදහන එවුන අපරාධ වලට පෙළඹීම අඩුය. එසේම අධ්‍යාපනයට සිත යොමු කරන තම ආර්‍ථික සමෘද්ධිය ගැන සිත යොමු කරන අයද අපරාධවලට යොමුවීම අඩුය.සුදු කරපටි අපරාධ කියා දෙයක් ඇත. නමුත් මෙහි කතා කරන්නේ ඒවා ගැන නොවේ.
    මෙහි සාකච්ඡාවට ගැනෙන අපරාධ කරන්නේ සමාජයේ ලුම්පන් පාදඩ ස්ථරයයි.

    කැමතියි

  6. විභීෂණ, 100%ක් ම එකඟයි. ආගම, අධ්‍යාපනය වගේ හැම එකක් ම පට්ට බොරුවක් වෙලා කියන ඇත්ත අපිට බල කරන්නේ අළුතෙන් ම හිතන්න කියල මට හිතෙනවා.http://syberheartblog.blogspot.com/

    කැමතියි

  7. ජේසු අද උන්නනං, පල්ලි කීයකට ගිහිං කීදෙනෙක් එළවලා ද මෙලහට… බුදුන් හිටියනං තව විනය නීති කී ‍කෝටියක් දාන්න වෙයිද…?

    මිනිහෙක් තව කෙනෙක් ව මරපු වරදට, සංවිධානාත්මක ආයතනයක් වන අධිකරණයකට මිනිහෙක්ව මරන්න අයිතියක් තියෙනවද? එතකොට, සංවිධානාත්මක සමාජ ආයතනයකින් මිනී මරණ රටක මිනිසුන්ගෙ සිත් වල තියෙන කුරිරු කම් අඩු වෙයිද / වැඩි වෙයිද?

    කැමතියි

  8. මේවා ගැන කතා කිරිම ම ඵලක් නෑ වගේය. අද ආගමික චැනල්වල බණත් හොඳ මිලකට අලවි වනවා ය. එක බණකට අනුග්‍රාහකයන් වැහි වැහැලාය. නිකමට අහලා බලන්න බණකට දිනයක් ගන්න හැකිද කියා. මාස ගණනාවකට බැරිය. ඒ වගේම මිල ගණන ඇහුවාම සාමාන්‍ය අයෙකු නම් සිහි නැති වෙනවා ය. වැදි බණ කියන රටක් වැදි බණ අසන රටක්…..
    ප්‍රතිපත්තිමය දේ කරෛහි යොමුවන්නේ නම් ……….. අනේ අපට දැන් ඓහෙම විය හැකිද?

    කැමතියි

  9. එකියක් එනවා කියුවා පඩි නැතුව අළුගෝසු වැඩේ කරන්න.. ඒ අස්සේ බන්ධනාගාර කොමසාරිස් කියනවා නොවැම්බර් පළ වෙනිදා වෙනිකොට අලුතෙන් අලුගෝසුවන් දෙන්නෙක් බඳවා ගන්නවා කියල.. එකක් නම් ආර් උන්දිට දෙතහැකි. තව සුවේච්චාවෙන් ඉදිරිපත් වෙන්න කවුරු හරි හිටියනම්.. නේද? හැක හැක හැක..

    කැමතියි

  10. ඒ වුනාට මරණ දඬුවම දෙන්න කියල ගියපු පෙලපාලියකනම් හාමුදුරුවරු පුජකයෝ හිටියා දැක්ක.. ( අර අළුගෝසු වැඩේට ආපු ජනනී නම් එළ.. හැක හැක හැක.. )

    කැමතියි

  11. මේක මං අද උදේ නාන ගමන් ලියන්න ඕනි කියල හිතපු දෙයක්.. නාන වෙලාවට ඇහෙන්න දවසේ පුවත්පත් විස්තර දානවා මං සමහර දවස් වලට..
    ගොඩක්ම පත්තරවල උඩම නිවුස් එක 17 හැවිරිදි පාසල් සිසුවාගේ ලැප්ටොප් පරිගණකයේ අසැබි වීඩියෝ තිබිලයි කියනෙක. මේක අද කාලේ හැටියට 'පට්ට පරණ' නිවුස් එකක්.. ගිය සෙනසුරාදා ගොසිප් සයිට් එහෙක තියෙනවා දැකල මං මෙහෙම කොමෙන්ටෙකක් දැම්ම..
    ” 17 හැවිරිදි සිසුවෙක්ගේ ලැප්ටොප් එහෙක අසැබි වීඩියෝ තියෙනවා කියන්නේ අද කාලේ හැටියට අමුතු දෙයක් නොවෙයි. පරීක්ෂණයට අදාල යම් පින්තුරයක් හෝ වීඩියෝ සාක්ෂියක් නැත්නම් මෙය 'නිව්ස්' එකක් නොවේ” කියල.. අපරාදේ කියන්න එකේ ඇඩ්මින් මේ කොමෙන්ට් එක පලකලේ නෑ.. ඒ සෙනසුරාදා නිව්ස් එක තමයි සඳුදා පත්තරේ හෙඩිම. වික් එන්ඩ් එකේ රටේ ජනාධිපති මැරුණත් අපේ රටේ නම් ඉතින් සඳුදා පත්තරේක තමයි බලන්න වෙන්නේ. ඇයි සිකුරාදා රෑ වෙනකොට ඉරිදා පත්තර ගහල ඉවරයිනේ..
    හොඳම වැඩේ කියන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ ළමයි තුන් දෙනෙක් අලුත් ලැප්ටොප් පරිගණක සිසිලන පද්දතියක් හදල ඒකට ලෝකයේම නව නිර්මාණ තරඟයකින් දෙවෙනි තැන ලැබිල.. මේක තිබුනේ එකමෙක පත්තරේක මැද පිටුවක විතරයි.. අනේ කාලේ වනේ වාසේ.. නොදකින්.

    කැමතියි

  12. බුදු හාමුදුරුවො කියල තියනව ධර්මය දැනගෙන ඒක පිළිපදින්නෙ නැති කෙනා හරියට තමන්ගෙ වියදමෙන් අනුන්ගෙ හරක් පට්ටියක් බලා ගන්න කෙනෙක් වගේ කියල. අද කාලෙ වැඩි දෙනෙක් එහෙමයි.

    කැමතියි

  13. මං දැක්ක ඒ කොමෙන්ට් එක වෙන කෙනෙක් දාල තියනව. අද කාලෙ ඇසැබි වීඩියෝ කොල්ලන්ගෙ ලැප්ටොප් වල තියෙන එක නිව්ස් එකක් නෙමෙයි. ඒ කොමෙන්ට් එකේ අහල තිබුන මොන කොල්ලගෙද එහෙම නැත්තෙ කියල. පොලීසිය පීඩනය නිසා කවුරුහරි උසාවියට ඉදිරිපත් කරනවද දන්නෙ නෑ.
    ගංජ ගහනව නොසන්ඩාල වැඩ කරනව කියල කෙනෙක් ඕනම අපරාධයකට සැක කරන්න බෑ.

    කැමතියි

  14. අල්ලපු කොල්ලගෙ ලැපේ අසැබි දර්ශන පිරිලලු.අනේ හුකේ කිව්වලු.ඇයි යකෝ ඔය වයසෙ ඉන්න කොල්ලන්ගෙ ලැප්ටොප් වල අසැබි දර්ශන නොතිබුනොත් තමා පුදුම.එහෙම තිබ්බයි කියල ඌ මිනීමැරුව වෙනවද.

    කැමතියි

  15. @ විචා
    //ඔය මරණ දඬුවම ඉල්ලන අයගෙන් බොහොමයක්, යතාර්ථාවබෝධය අතින් ඉන්නේ බින්දුවෙනුත් පහළ//
    ——ඔය තියෙන්නේ සහතික කරන ලද පිරිසිඳු සත්‍ය…

    ——-
    @ක .මි
    හාමුදුරුවරු පූජක වරු ආගමේ වැඩවලට හැර හැම රෙද්දට ම ඉන්නවා…
    කලියුගය කියලා කියනවා නේ…

    කැමතියි

  16. //සුදු කරපටි අපරාධ//
    —–ඔවු. මෙතන නෙමේ ඒ සබ්ජෙක්ට් එක අපි වෙනම ම කතා කරන්න ඕන දෙයක්.

    // අවංකව බණ අහන යාඥා කරන අය අපරාධ නොකරන බවයි.කවර හෝ ආගමක් අදහන එවුන අපරාධ වලට පෙළඹීම අඩුය.//
    ———ඇත්ත. එත් ඒ ජාතියේ උන් කීයෙන් කී දෙනාද අපි අතර ඉන්නේ…කොහොමද හොයාගන්නේ. නානසාරත් සිවුර පොරෝගෙන මිනීමරන්න කතා කරනකොට මොකක්ද විස්වාස කරන්නේ.

    කැමතියි

  17. ජේසු අද උන්නනං ඔච්චර දේවල් වෙන්නේ නැහැ බන්
    ——-මහනායකුන් , හාමුදුරුවරු එක්ක එකතුවෙලා උද්ගෝෂණ කරලා බුදුන් වහන්සේව එල්ලලා මරනවා
    ——-ෆාදර් ලයි බිශෝප්ලයි එකතු වෙලා ජෙසුව එල්ලලා මරනවා

    ඔච්චරයි. කවුද බන් කැමති තමුන් හම්බ කරන කන ජොබ් එකට කෙලවෙනවා දකින්න…

    කැමතියි

  18. උඹ හිතන්නේ මෙහ උන් ධර්මය දන්නවා කියලාද?
    පිස්සු කියවන්න එපා බන්. මෙහෙ උන් දන්නා ධර්ම රෙද්දක් නැහැ. පොත් වල තිබ්බ වචන කටපාඩම් කළා කියලා ධරම් කරුණු ලැබෙන්න නැහැ.
    ———-
    මුන් අනුන්ගේ හරක් පට්ටිය වත් හරියට බලන්නේ නැහැ බන්.

    කැමතියි

  19. ඇමරිකා එක්සත් ජනපදයේ හිටියා ජෝර්ජ් කියලා යෞවනයෙක් ඔහු මේ ලෝකයේ වෙන දුෂ්ටකම් දැක කම්පා වුනා ඔහු විවිධ සංවිධාන වලට බැඳි මේ ලෝකය සුවපත් කරන්න කටයුතු කලා. නමුත් පසුව ඔහු ලැබූ අත්දැකීම් නිසා ඔහු කලකිරීමට පත්වුනා.
    “අපි යහපත් අරමුනින් කරන්න හදන හැම වැඩක්ම යම් අදෘෂ්‍යමාන බලවේගයකින් අවුල් කෙරෙනවා” ඔහු එකල ලැබූ අත්දැකීම විස්තර කරනවා.
    ඔහුට මෙය ගටලුවක් වුනා දෙවියන් වහන්සේ කියා කෙනෙක් ලොව පාලනය කරනවා නම් ඇයි මෙහෙම වෙන්නේ?
    මේ අතර ඔහුට යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් මුනගැහුනා. මේ ලොව පාලනය කරන්නේ යක්ෂයා බවත් දෙවි සාධාරණ හේතුවක් මත යක්ෂයාට ලෝකය බාර දී ඇති බවත් නොදුරු අනාගතයේදී එම පාලනය අවසන් වන බවත් ඔහුට කියා දුන්නා. බයිබල් පාඩම් වලින් පසු ඔහු බයිබලයේ සඳහන් සැබෑ පණිවිඩය තේරුම් ගත්තා.
    ඔහු දැන් එම පනිවිඩය අන්‍යයන් අතර බෙදා දෙනවා.
    “මම ඒකාලේ කලේ ගිලෙන නැවක තියෙන මේසපුටු පිලිවෙලට තබා ගන්න උත්සාහ කරනවා වගේ බොලඳ වැඩක්” ඔහු කියනවා.

    කැමතියි

  20. එන් ජී ඕ ගෑනියක් සැකකාරයො එල්ලන්න කියල මරහඩ දුන්න දැක්කද
    එන්ජීඕ ගෑනු කියන්නෙ ඇසැබි දර්ශන ලැප් වල තියන ඔක්කොම කොල්ලො එල්ලන්න කියල.
    මට ප්‍රශ්නෙ මේකයි. මේ හැම විගඩමක්ම මැද ඇත්ත අපරාධකාරය කරදරයක් නැතිව එන්න එක. ඌත් එල්ලුම්ගහ ගේන්න කියල පිකටින් කරනවද දන්නෙ නෑ.
    ලප්ටොප් වල බ්ලූ ෆිල්ම් තියන උන් නෙමෙයි දඩුවම් ලැබිය යුත්තෙ සැබෑ අපරාධකාරයයි.

    මේ වගෙ එන්ජීඕ වැඩ නිසා පොඩි ගෑනු ළමයි ඉන්න ගෙවල්වල තාත්තල හැකිතාක් ගෙයින් පිට වහන් වෙලා ඉන්න ඕන. අහල පහල කොල්ලො ගෙවල් අත ඇරල යන එක ඇගට ගුනයි.

    කැමතියි

  21. මෙකයි මචං,බුදු සමය හෝ කතෝලික වෙවා මෙ ආගමි දර්ශණ වල පෙන්වලා තිබෙන ජීවන ප්‍රතිපදාව බෞද්ධයෝවත් කතෝලිකයෝවත් දන්නේනැ.හැමෝම කරන්නේ සමිප්‍රදායට ආගමක් බදාගෙන ඒ මත්තේ නහින එක.ආගමික පූජකවරැ කරන්නේ අනුගාමිකයන් තව තවත් අනුධානුකරනයට දක්වන එක

    කැමතියි

  22. එහෙම නොකර බැහැ බන්.
    ආණ්ඩුවේ රස්සාවකුත් නැති එකේ උන් කොහොමද බන් ජීවත් වෙන්නේ. උන්ගේ පොකැට් එක මහත් වෙන්නේ බාගත්ත මිනිස්සු ගැන අනුව තමයි.

    කැමතියි

  23. බුදුහාමුදුරුවන්ට තිබුනේ ලිබරල් හැදියාවක්.
    නමුත් ජේසුට තියෙන්නේ වැඩවසම් කොමියුනිට්ස් හැදියාවක්.
    ඒ කියන්නේ ජේසුගේ හැදියාව අප්සට්. මේක ලියන කෙනාගෙත් හැදියාවත් අප්සට්.
    මෙයාගේ හැදියාව ඔක්කොටම වඩා අප්සට් http://www.w3lanka.com/2015/09/blog-post_23.html

    කැමතියි

  24. අවුලක් නැහැ බන්. අපි වගේ අප්සට් එවුන් අතර කිසිම අප්සට් එකක් නැති උඹ වගේ රියල් පොරක් ඉන්න එක අපිටත් ලොකු ආඩම්බරයක්.

    සතුටු වෙයන් බන්….

    කැමතියි

  25. හාමුදුරුවරු ? සේරම අය බණ කියන්න දන්නවා. හොඳටම දන්නවා. කෝටියක් සංවර් සීලෙ ලු සමාදං වෙලා ඉන්නනෙ ඒත් හුඟාක් හාමුදුරුවරු පන්සිල්වත් නොගත්තු මනුස්සයකු තරම්වත් කියන බණ පිළිපදින්නෙ නම් නැති බව හොඳටම පෙනෙනවා.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න