විලම්භීත ධර්මද්වීප

ඉල්ලංකාව කියන්නේඑක එක වයිවාරන්න නම් ගහපු  බොරු බෝඩ් ලෑලි  වලින් කවර් කරලා තියෙන ගඳ ගහන ගූ ගොඩක් බව වරක් දෙවරක් නොව සිය දාස් වාරයක් ඔප්පු වෙන කාරණයක් බව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට පිළිගන්නට සිදුවෙන තිත්ත ඇත්ත ක්ය .

මේ රටේ
හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම හෝ සුරුවම් ය. එව්වා ළඟ හැමදාම උදේ ඉඳන් හවස් වෙනකන් බණ, පිරිත්, බෝධි පූජා බාර හාර වගේම , පූජා යාච්ඤා කන්නලවු ය.

ටීවී එක දැම්මොත් රේඩියෝ එක දැම්මොත් උදේ ඉඳන් හවස් වෙනකන් පැය ගණන් පිරිලා තියෙන්නේ බණ, ගාථා පිරිත්, යාච්ඤා වගේ දේවල් වලින් ය. රේඩියෝ චැනල් සේරම හවස හය පහුවෙනකොට නිවන් දකින්න ඔන්න මෙන්න වගේ සෙත් පිටිත් සජ්ජායනා වලින් වැහිලා යන්නේය.
අපේ පෙර කල කරුම පඩිසන් දෙන්නේ පෝය දවස් වලට ය. බොහොම අතලොස්සක් ඇරෙන්න අනික් හැම චැනල් එකක්ම හරියට එව්වා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බුද්ධ සැසන අමාත්‍යාංශේට පවරා ගෙන වගේ දවස පුරාම කරන්නේ බණ කියන එකය.
ඕකේ ඊළඟ සෙල්ලම නත්තල් කාලෙට සිද්ධ වෙන්නේය. දවස් දෙක තුන ජේසු ගේ ජීවිත කතාව අපිට කියාදෙන මෙයාලා නත්තල් දවසේ පූජාවද ලයිව් ටෙලිකාස්ට් කරන්නේ ආශිර්වාද ලබාගන්න වෙන්ට ඇතිය.

බුධාගමටම වෙන් වෙච්ච ටීවී චැනල් තුන හතරක්ය .දවසේ පැය විසි හතරම රට වටේම තියෙන පන්සල් ,බෝධි පිළිම අල්ලා ගෙන පට්ට ධර්ම සාකච්ඡාය . අපිට බය තියෙන්නේ ඔව්වා බලන  එව්වෝ ටීවී එක බලං ඉන්නකොටම නිවන් යයිද කියලා ය.

කතෝලික කියලා ලොකූවට වෙනසක්නැත. මේ ළඟදී ඉඳන් කතෝලික එවුන්ට ද ටීවී චැනල් එකක් ඇත. බුදු චැනල් වල සිද්දවෙන මූලික සංසිද්ධි සේරම කිතු චැනල් එකේද කිසිම අඩුවක් පාඩුවක් නැතුව සිද්දවෙනවා ඕන කෙනෙකුට දකින්නට පුළුවන.කිතු චැනල් එකෙන් දෙන ධර්ම ටෝක්ස් දැක්කාම ළඟදීම එකෙක් දෙන්නෙක් ස්වර්ගාරෝහණය වෙන්න පුළුවන් බවට පොඩි සැකයක් ද පහල වෙන්නේය.

බුකියේත් බණ කියන එවුන් වැහි වහැලා ය. අපේ සමහර මිතුරු මිතුරියෝදාන්නෙම ජීවිතේඅනිත්‍යය, සංසාරේ දිග, කුණු කයේ යතාර්ථය වගේ පට්ට ධර්ම පොස්ට් ය. පොස්ට් නොදැම්මත් ඔය වගේ ධර්ම පොස්ට් බලන්න , ලැයික් කොරන්න , ශෙයා කොරන්නම එන තව ගොන් වාහෙලා රෑනක්ම උන්ගෙන් පස්සෙන් වැටී ඇත.

ගූගල් දෙය්යා ගේ ගූගල් ප්ලේ එකේ ඊයේ පෙරේදා රස්තියාදු වෙනකොට දැක්කේ බණ , පිරිත් වගේම , බයිබලය, ත්‍රිපිටකය වගේම කුරානය ද තියෙන app ද ඇති බවය. ඔව්වාත් පිස්සුවෙන් වගේ හොයාගෙන  ඩවුන්ලෝඩ් කරන එව්වොත් ඕනෑතරම් ය.වැඩිපුර ඇත්තේ මෙහෙ වෙන්න ඇතිය.

මේ විදියට බලනකොට
මේක දවසට පැය ගණන් බණ පිරිත් කියන , යාච්ඤා කරන ටීවී රේඩියෝ චැනල් තියෙන, පැය විසිහතර පුරාම ආගමික කරුණු විකාශය කරන එක එක ආගම් වලට ම වෙන් වෙච්ච ටීවී රේඩියෝ චැනල් තියෙන, හන්දියක් හන්දියක් ගානේ සුරුවම් පිළිම තියෙන, බණ කියන්න, නිවන් අවබෝධ කරවන්න යාච්ඤා කරන්න බයිබලය උගන්නන්න බුකියත් , ගූගලෙත්  පාවිච්චි වෙන හරි පට්ට දැහැමින් හෙමින් දියුණුවෙන රටක්  ය. ආගමික භක්තිය වැහි වහැලා ය.
එක ඇත්ත නම් ඒ වගේ රටක සාමාන්‍යෙයෙ න් ඇහෙන්න ඕනා

  • දානයක් ධර්මයක් දීපු එකක් ගැන නිවුස් ය. 
  • කවුරු හරි කාට හරි උපකාරයක් කරපු දෙයක් ගැන නිවුස් ය. 
  • ආගමික විදියට ජීවත් වෙන්න පුලුවන්  විදි ගැන සාකච්ඡා ය.

 සරලවම කිව්වොත් පින් අතේ දේවල් ය.

එත් අපි එහෙම හිතන් හිටියට , බලාපොරොත්තු වුනාට අපිට අහන්න දකින්න සිද්ද වෙලා තිඑන්නේ  ඒවගේ දේවල් නොවේය.

එක දවසක පත්තරේ බැලුවොත් රේප් කේස් ගැන අඩුම නිවුස් තුනක් වත් බුදු ෂුවර් ය.ඒවායින් එකක් අනිවා එක්කෝ තාමත් ලොකුවෙලා නැතිපුංචිම පුංචි කෙල්ලෙක්ව දූෂණය කරපු එකක් ගැනය. එහෙම නැත්තනම් අද හෙට වැලිගම්පිටි ට්‍රිප් එක යන්න ලෑස්ති වෙලා තියෙන  ආචිචි කෙනෙක්ව දූෂණය කරපු සීන් එකක් ය.

පහුගිය සතියේ කොටදෙණියාවේදී අවුරුදු පහක කෙල්ලෙක් ට කරන්න ඕන සේරම කරලා මරලා දාලා ය.
ඒ දවස්වලම ගනේමුල්ල පැත්තේ පොඩි එකෙක්ව පණ පිටින් ළිදක ට දාලා ය.
මේ ඊයේ පෙරේදා අවුරුදු 8 ක කෙල්ලෙක් ව කොල්ලෝ තුන් දෙනක් දූෂණය කරලා ය.
ඒ ඔක්කොම අස්සේ තව කොට්ටාසයක් ඒ දූෂණ කරපු එවුන් ව මරාපියවූ කියලා උද්ගෝෂණ වලය.

ඇක්සිඩන්ට් නිවුස් අවම  පහක් ය .
මිනීමැරුමක් අනිවා ය.දෙපා ය.

හොරකම් කිලෝ ගානට ය. පගා කේස් ද එක දෙක ය.

මේ හැම එකෙන්ම තේරෙන්නේ සිස්ටම එකේ ලොකු අවුලක් ඇති වෙලා තියෙන වගය. ඉන්පුට් එක ට වඩා හාත්පසින්ම වෙනස් අවුට් පුට් එකක් ලැබෙන්නේ ඒ නිසා ය.

ශාස්තෘවරු කොච්චර මහන්සි වෙලා ඒ කාලේ ඇත්ත දර්ශනය දේශනා කලත් එව්වා මුලික කරගෙන හදා ගත්තාය කියන ආගම්  අපි ඉගෙන ගෙන තියෙන්නේ සහ අපිට වගේම අපේ දරුවන්ටත් තාමත් උගන්නන්නේ අමූලික බොරුබව සක්සුදක් සේ පැහැදිලිය.

අද වෙනකොට හැම ආගම ම කරන්නේ ප්‍රායෝගික ජීවිතයට ධර්මය දේශනා කිරීම නොව ඒ ඒ ආගමේ එකවුන්ට් එක කොහොම කොහොම හරි පුරවගන්න එකය. එව්වයේ සාදුලා, පූජක වරු ඒ බලයෙන් සැප සම්පත් ලබා ගන්නා එකය.

ආගම් වල තියෙන හරය හරියටම කියාදෙන එව්වෝ බොහොම සුළු පිරිසක් ය. උන් ඉන්නෙත් ගම දනව් වලය.ඒ වගේ උතුම් මිනිස්සුන්ව හොයාගෙන ගියත් පාඩු නැත.
හැම ආගම ම වත් පිළිවෙත් වල හිර වී ඇත. ආගම කියන්නේ වත් පිළිවෙත් ගොඩක එකතුව ට කියන සර්ව නාමයක් තරමටම මේවැරදි අවබෝධය දුරදිග ගොස්  ඇත.

පෝයට ගමේ පන්සලට, රටේ ප්‍රසිද්ධ පන්සලකට හෝ මොඩ් බුඩිසම් (Modern Buddhism) එකට අනුව කොහේ හරි අසපුවකට රිංග ගන්න බොහොම බෞද්ධයෝ දවස පුරාම බණ, භාවනා කරලා පන්සිල් , අටසීල් අරන් බුදු ගුණ සිහිකරලා හවස් වෙලා ගෙදර ඇවිත් එදා ඉඳන් ඊළඟ පෝය වෙනකම් ගෙදර කට්ටියයි , තම තමුන්ගේ යාලු මිත්‍රයෝ නෑදැයෝ යි එක්ක කතා කරන කාරණා කීපයක් ඇත.

  • අහවල් හාමුදුරුවන්ගේ බණ වල ලස්සන.
  • හැමදාම අහන බණ වලට වඩා එකේ තිබ්බ වෙනස් ගතිය.
  • අහවල් අසපුවේ ඉන්නකොට දැනෙන නිස්කලංක බව
  • අහවල් සාදු ගේ ඉතිහාසය. උන්වහන්සේ වෙනත් ආගමක ඉඳන් බුද්ධාගම ගැන පැහැදිලා සිවුරක් දාගත්තු හැටි. උන්වහන්සේ බුද්ධාගම ඉගෙන ගත්තු හැටි.
  • පන්සලේ දානෙට ආපු සෙනග ගොඩ
  • දානෙට පිළියෙළ කරලා තිබ්බ කෑම ගොඩ
  • දානෙට පලතුරු හොයාගත්තු හැටි,බත් උයපු හැටි,බෙදපු හැටි

එත් කියාදීපු ධර්ම කාරනා වලට අනුව තම තමුන්ගේ ජීවිතවෙනස කරගෙන ඉස්සරහට ගෙනියන හැටි, අනුන්ගේ ඔප දූප ගම හැමතැනමපතුරලා පවු පුරෝ ගන්න එක නතර කරන හැටි, ගමේ එකෙක්ට මොකක් හරි හොඳක් වුනාම ඊරිසියාවේ  පැලෙන්නේ නැතිව ඉන්න හැටි , එක එකාට පද හදන්නේ නැතිව පාඩුවේ ඉන්න හැටි කතා කරන්නේ නැත. අඩුගානේ එදා දවසේ හාමුදුරුවෝ කයාදීපු දේවල් තමුන්ගේ ජීවිතෙට් එකතු කරගන්න පුලුවන්ද බැරිද කියලාවත් හිතන්නේ නැත.

කතෝලික සෙනග ගැනත් කියන්න තියෙන්නේ ඔයිට සමාන දෙයක්ය.
සුවාමිලා ගේ දේශනා අහන්න, සුව මෙහෙයෙන් ලෙඩ සුවකරගන්න, අත පය හෙල්ලිච්ච සුරුවම් බලන්න වගේ කාරනා මිස මෙයාලට ජේසු කියාදීපුවා හාන්කවිස්සියක් මතක නැත. මතක් කරන්න යන එකාට ඇපත් නැත.

හැමෝම ඇත්තටම කරන්නේ පට්ට බොරුව ය. මේ දේවල් අහන්න දකින්න බුදු හාමුදුරුවෝ වත් ජේසු තුමා වත් අද නැති එක අපිට වඩා එයාලගේ ශරීර සනීපයට බොහොම යහපත් ය.

බොරුවට ආගම් අදහලා අපිට වත් රටටත් වැඩක් වෙන්නේ නැත. අමුඩේ පෙනකන් රෙද්ද උස්සගෙන ආගම් රැකගන්නත් බැරිය. මේ රටේ ඉන්න සිය දාස් ගානක් වෙච්ච හාමුදුරු වරු, සුවාමිලා වගේ හැම පවිද්දෙකුගේම යුතුකම වෙන්නේ ආගම ඇතුලේ තියෙන ධර්මය හෝ ඒ ශාස්තෘවරගේ දර්ශනය මිනිස්සු අතරට ගෙනයාමය. එදාට සොබාදහම විසින්ම ඒ ඒ ආගම් රැකගන්නවා ඇත.

එහෙම නැතිව ආගමේ නාමයෙන් සාමාන්‍ය අසරණ මිනිස්සුන්ගේ ඔලු වලට පට්ට කෙබර අතැරලා , උන්ගේ මෝල් හෝදලා මුට්ටිකාසි මලු ගැහුවා ම වෙන්නේ එක්තරා දවසක රටටත් කෙලවෙලා තමන්ටත් කෙලවෙලා සබ්බ සකල මනාවම අකුලෝලා ම යන තැනට පත් වීමය.ඒ ජාතියේ ආගම් නැතිවීම ගැන අපි කිසි කෙනෙක් දුක් වෙන්නේ නැත.

උඹට වැරදුනා කෙල්ලේ…

කෙල්ලේ

උඹට මතකද

ආයෙත්
මේ ලෝකෙට එන්න හිතාගෙන
මිනිස්සු එක්ක ජීවත් වෙන්න හිතාගෙන
දහසක් දස දහසක් පෙරුම් පුරපු හැටි

පෙර ආත්ම වල කරපු පිනෙන්
ඊළඟ ආත්මය
මිනිස් දුවක් විදියට ඉපදෙන්න
මිනිස් ලෝකේ ජීවත් වෙන්න
උඹට වාසනාව පෑදුනු හැටි

උඹේ ඒ සුන්දර ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන්න
උඹ කැමතිම හොඳම අම්මා හම්බ වෙනකන්
උඹ කැමතිම හොඳම තාත්තා හම්බ වෙනකන්
පන්සල් ගාව , සිරිමා බෝ සමිඳු ගාව
තව බොහොම පිනෙන් පිරිච්ච තැන් වල
ඉමක් කොනක් නැති බලාපොරොත්තු තියාගෙන
පාවී පාවී පාවී පාවී
ඇස් ලොකු කරගෙන
මග බලාන හිටපු හැටි

උඹට මතකද
උඹේ අම්මාව උඹේ තාත්තාව
මුලින්ම මුණ ගැහුණු වෙලේ
උඹ සන්තෝසෙන් පිරිලා ගිය හැටි

උඹට මතකද
උඹ පාවෙලා ගිහින්
උඹේ අනාගත අම්මාව ආදරයෙන් බදා ගත්තු හැටි
බදා ගෙන සන්තෝසෙට අඬපු හැටි

උඹට මතකද
හොඳම අම්මාව හොඳම තාත්තාව
ලබාගන්න පුළුවන් වෙච්ච සතුටට
බොහොම අහිංසක විදියට උඹ ආඩම්බර වෙච්ච හැටි
වෙන කාට නොපෙනුනත් , උඹට නොපෙනුනත්
උඹටත් හොරා හීනි කඳුළු බින්දු
උඹේ කම්මුල් දිගේ ගලන ගිය හැටි

උඹට මතකද
උඹ වගේම
හොඳම අම්මා ව හොදම තාත්තා ව හම්බ වෙනකන්
උඹත් එක්ක මග බලං හිටපු උඹේ යාළුවො
උඹට ට සුබ පතපු හැටි

උඹ උඹේ අලුත් අම්මාගේ කුස ට ඇතුල් වෙනකොට
උඹේ ඒ යාළුවො දුකින් වුනත් ආශිර්වාද කරපු හැටි
උඹ ඒ අයට අත වනලා
උන්ට සමු දීපු හැටි
අලුත් ජීවිතේ පටන් ගන්න උඹේ තිඹිරි ගෙට ඇතුල් වෙච්ච හැටි

එත් කෙල්ලේ
උඹට පුළුවන් වුනාද
මොහොතකට හිතන්න
උඹ ඉපදෙන්න යන්නේ මොන රටේ ද?
මොන ගමේද?
කියලා

උඹට පුළුවන් වුනාද
මොහොතකට හිතන්න
උඹ වගේ අහින්සකියකට
ඒ රට , ඒ පළාත, ඒ ගම
ජීවිතේ පටන් ගන්න හොඳ තැනක්ද කියන වග
ඒ පළාතේ මිනිස්සු
උඹට සලකන්න කොහොම ලැස්ති වෙලා ඉඳියිද කියන වග

දැන් මතක් වෙනවා නේද කෙල්ලේ
උඹට එදා
පොඩ්ඩක් , බොහොම පොඩ්ඩක්
ඒ ගැන හිතන්න අමතක වෙච්ච වග

උඹ දැක්කේ නෑ නේද කෙල්ලේ
අලුත් ජීවිතේ පටන් ගන්න
උඹ තෝරගත්තු ඒ රටේ, ඒ පළාතේ
බල්ලන්ටත් අන්ත
තිරිසන්නු, ගෝත්‍රිකයෝ
රංචු පිටින් ඉන්න වග

උඹට තේරුනේ නෑ නේද කෙල්ලේ
ඒ තිරිසන්නු
පුංචිම පුංචිඋඹ වගේ
අහිංසකියකට වුනත්
සන්තෝසෙන් ජීවත් වෙන ඉඩ නොදෙන වග

දැන් කරන්න දෙයක් නැහැ කෙල්ලේ
උඹ ට වෙච්ච ඒ පුංචි අමතක වීම
දැන් ගොඩක් දුර දිග ගිහින්

ඒ කාලකන්ණි තිරිසන්නු
උඹේ ඒ අහිංසක අම්මගෙන්
උඹේ ඒ අහිංසක තාත්තා ගේන්
උඹව උදුරා ගත්තා කෙල්ලේ

උඹ ට පේනවත් ඇති
උඹේ අම්මයි තාත්තයි
උඹ නැතිව
බෙරිහන් දෙන හැටි ,
විලාප දෙන හැටි,
අඬන හැටි

උඹටත් දුක ඇති කෙල්ලේ
එත් උඹ කියලා මොනා කරන්නද?

ආසාවෙන් පටන් ගත්තු ඊළඟ මිනිස් ජීවිතේ
මේ වගේ ඉක්මනටම ඉවර කරන්න සිද්ද වෙන්න
උඹ සංසාරේ මොකක්හරි පවක් කරලා තියෙන්න ඇති කෙල්ලේ

උඹ වගේ ලස්සන කෙලි පැටික්කියක්
හදලා , වදලා, ලොකු මහත් කරලා උගන්නලා
ලස්සන කෙල්ලෙක් කරලා
ජයට මගුල් කාලා දීග දෙන්න
උඹේ ඒ අහිංසක අම්මයි තාත්තයි
තියන් හිටපු බලාපොරොත්තු
මෙච්චර ඉක්මනට බිඳෙන්න
ඒ දෙන්නත් සංසාරේ
මොකක් හරි පවක් කරලා තියෙන්න ඇති

දැන් දුක් වෙන්න එපා කෙල්ලේ
මෙහෙ උඹට ගැලපෙන්නේ නැහැ කෙල්ලේ
අහිංසක කෙලි පැටික්කියකට
මෙහෙ කොහෙත්ම
ගලපෙන්න්නේ නැහැ කෙල්ලේ
මෙහෙට වඩා හොඳ තැනක ඉපදෙන්න
පෙරුම් පුරපන් කෙල්ලේ

උඹට වරදින්නේ නැහැ
සුබ ගමන්….

ඉවරයි ඉවරයි ඉවරයි…ඇති යන්තම් ඉවරයි…

අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් එක දිගට වෘත්තිය පාඨමාලා කිරීම යනු සසර කලකිරෙන වැඩක් බව විභීෂණ මේ වෙනකොට තේරුම් ගෙන හමාරය. ඒ බව තේරුම් යන්නට මේ තරම් කාලයක් ගත වෙච්ච එක ගැනත් ඇත්තේ එසේ මෙසේ කනගාටුවක් නම් නොවේ. කතාව මෙසේ ය.

ගිය අවුරුද්දේ මාර්තු මාසේ දී විභීෂණ ගේ ෆැක්ටරි එකෙන් විභී ට චාන්ස් එකක් අරන් දුන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන යේ (SLSI) කෝස් එකක් කිරීමට ය. කෝස් එක නම් “තත්ත්ව කළමනාකරණය පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව ” කියන සැටිපිකට් කෝස් එකය.
මගේ අතිනුත් වියදම් වෙන්නේ නැති එකේ මාත් එක්ක නොමිනේට් වෙලා තිබ්බ අනිත් තුන් දෙනාත් එක්ක ඔය සති දහයේ කෝස් එක කිසි අවුලක් නැතිව ගොඩ දැම්මේ ය. කරන ජොබ් එකත් එක්කම “QUALITY MANAGEMENT ” ගැන මොකක්දෝ මෙව්වා එකක් ඇඟ ඇතුලේ තිබ්බ හින්දා ද කොහෙද මේ කෝස් එක ඉවර වෙච්ච ගමන්ම විභීෂණ SLSI එකේම  Quality Diploma කෝස් එකට ඇප්ලිකේෂන් එක දැම්මේය .
හැබැයි ඉතින් එක කරන්න වෙන්නනේ අතින් වියදම් කරගෙනය. තිබ්බ ආසාවේ හැටියට විභියා ට එකේ අවුලක් තිබුනේ නැත. මා එක්ක ෆැක්ටරියේ වැඩ කරන තව තුන් දෙනෙක් ද මම වගේම නුවණක්කාර තීරණය ක් ඒ වෙනකොටත් අරන් තිබ්බ නිසා ප්‍රොජෙක්ට් එකේ  පාළුව කාන්සිය ගැන බයක් සැකක් තිබුනේ නැත.

කොහොමහරි හතර දෙනා ගේම ඇප්ලිකේෂන් සිලෙක්ට් විය. හතර දෙනාම දස මාසේ කෝස් එක කරන්න ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ හිටං පටන් ගත්තේය.

විභීෂණ ට තියරි යනු වහ ය. ඉතිහාසේට , බයෝ සයන්ස් වලට හෝ සිංහල සාහිත්‍ය ට වුනත් ගණන් හදන්න තියෙනවානම් මිස තියරි නම් පළාතේ වත් දකින්නට කැමති නැත.
කලිනුත් කිව්වා වගේ විභීෂණ “QUALITY MANAGEMENT” කියන සබ්ජෙක්ට් එකට කැමතිය. එත් කරුමෙක මහතා කියන්නේ ඔය සබ්ජෙක්ට් එකේ අතිශය බහුතරය තියරි වලින් වැහිලා තිබීමය.

එත් තිබ්බ ආසාව නිසා කොහොම හරි ගොඩදානවා කියන පරම පිවිතුරු අධිෂ්ඨානය පෙරදැරි කරගෙන විභීෂණ කෝස් එක කරන්න පටන් ගත්තේය.
මාසයක් ගියේය, දෙකක් ගියේය, තුනක් ද, හතරක් ද ගියේය. පස් වෙනි මාසේ වෙනකොට විභීෂණ ට වගේම අනිත් තුන් දෙනාටත් කෝස් කරන එක නහුතෙටම එපා වෙලා තිබුනේය. එක ඒ තරමට ම තියරි වලින් වැහිලා තිබුනේය.

ඔය කෝස් එකේ පලවෙනි මොඩියුල් 7 ට එක්සෑම් 7 ඇත.ඉතින් හැම මාසෙකටම වගේ එක්සෑම් එකක් සෙට් වෙන්නේය. අතින් වියදම් කරන කරන එක හින්දා ෆේල් වෙන්නත් බැරිය. ඒ හින්දා උ.පෙ ටවත් නොකරපු විදියට  මේ මොඩියුල් එක්සෑම් වලට මහන්සි විය. ජීවිතේ පලවෙනි වතාවට රෑ එළිවෙනකන් පාඩම් කළේය. එහෙම කරලා පාන්දර ත් නැගිටලා ආපහු පාඩම් කළේය.
කියන්න කොච්චර සන්තොසද කියනවානම් ඔය  6 වෙනි , 7 වෙනි මොඩියුල් එක්සෑම් වලට ඔය විදියට පාඩම් කරලා මහන්සියට පේපර් එකට ලිය ලිය ඉන්න කොට විනාඩි විස්සක තිහක විතර ඉඳලා හිටලා නින්ද ද ගියේය.

පට්ට නිදිමතේ ලියාපු සමහර උත්තර ,පේපරේ එකතු කරන්න පැය කාලකට විතර කලින් ආපහු කියවන්න හදපුවාම Quality වලට වඩා සිහි වෙන්නේ සීගිරි කුරුටු ගී සමුදාය ය. ඒ තරමටම මම ලියාපුවා මටම කියෝගන්න බැරිය. ඉතින් කඩි  මුඩියේ ටිපෙක්ස් පිහිටෙන් අහරෙන්  මෙහෙන් කියෝගන්න පුළුවන් විදියට ආපහු ආන්සර් එක ලිව්වේය.

කොහොම හරි අපි හතර දෙනාම වගේම ක්ලාස් එකේ අනිත් එවුනුත් අන්තිම මාස් දෙක තුන වෙනකොට හිට්යේ පාන් කියාගන්න බැරි තරම් මහන්සියකින් ය.
ඔය කියන එක්සෑම් මල ඉලව්ව හින්දා ඉඳලා හිටලා බ්ලොග් අවකාශෙන් චුත වෙන්නට ද විභීෂණ ට සිද්ධ වුනේ අර කලින් කියාපු විදියට මහන්සි වෙන්න සිද්ද වෙච්ච හින්දා ය.

සති කීපෙක ඇරෙන්න , මේ කෝස් එක නිසා මාස දහයක් තිස්සේ විභීෂණ ට හැමදාම උදේට ගෙදරින්  පිටවෙලා හවසට ගෙදර එන්න සිද්ධ විය. ඒ දවස් 6 වැඩට යන්නත්, ඉරිදා දවසේ ක්ලාස් යන්නත් ය.

වැඩට යන දවස් 6 දීම හැමදාම පාන්දර 4ටා ඇහැරෙන විභියා, ආපහු ගෙදර එන්නේ හවස 6 ය කිට්ටු කරලා ය.
 මේ කෝස් එක නිසා ඒ කාලසටහන ඉරිදාටත් ඇප්ලයි කරන්න සිද්ද වුනේ නොකර බැරි කමට ය

සීයට අසූවේ පැමිණීමේ මගුලක් නිසා ඉඳලා හිටලාවත් ක්ලාස් කට්  කරන්නත් බැරිය. ඒ නිසා මේ මාස දහයට අපේ ගෙදර මිනිස්සු එක්ක මට  ට්‍රිප් එකක්වත් යාගන්න බැරි වුනේය.
තාත්තා එක්ක එකතු වෙලා වත්ත පිටිය සුද්ද බුද්ද කරලා දාන්න වත් වෙලාවක් නැති විය.
කොටින්ම කියනවා නම් පහුගිය ජුනි මාසේ ඉඳන් එක දිගට මේ වෙනකම් වත්තට යාගන්න වත් බැරි විය.
කළුවරේ ගෙදරින් යන , කළුවරේ ගෙදරට එන මොකෙක්දෝ අමුතු මනුස්සයෙක්ගේ තත්වයට විභ්යා මේ මාස දහය ඇතුළේදී පත් විය.

ඉතින් කොහොමෙන් කොහොම හරි මේ වෙනකොට කෝස් එකේ සියලු එක්සෑම් කටයුතු අවසානය. එනිසා විභී යා වගේම ක්ලාස් එකේ හැමෝම ටිකින් ටික ටිකින් ටික ආපහු සාමන්‍ය තත්වය ට පත් වෙන ගමන් ය.
තව තියෙන්නේ ක්ලාස් දවස් දෙකක් පමණය.
ඊට පස්සේ ප්‍රොජෙක්ට් වර්ක් එක තිබුනත් එකට මේ වගේ කටු කන්න අවශ්‍ය නැත.
තව සති දෙහෙකට පස්සේ ඉරිදා දවසට විභී ෆ්‍රී වෙනවා කියලා කියන්නෙත් හද පිරි සතුටකින්ය.

අපි මේ වෙනකොට පාසල් අධ්‍යාපනය නිමා කර ඇත.
දැන් ගෙවන්නේ ඉගෙන ගන්න කාලය නොව ඉගෙන ගත්තු දේවල් පිරිලා තියෙන මොලේ පාවිච්චි කරලා රස්සා කරන, ජීවත් වෙන කාලය ය.
එත් තියෙන අමානුෂික තරගකාරිත්වය නිසා මුළු ජීවිත කාලෙම වුනත් අධ්‍යාපන කටයුතු කරන්න සිද්ද වෙන තැනකට අපි පත් වී ඇත. කරන්න කොච්චර අමාරු වුනත් නොකර බැරි වෙලා තියෙන්නේ ඒ නිසාය. එත් අපේ ගෙවල් වල තියෙන ප්‍රශ්න, වැඩපොළේ තියෙන ආතතිය වගේ තව  ගොඩක් දේවල් ගැට ගැහුණු පැටලුනු වෙලාවේ ආපහු කෝස් එකක් කරනවා කියන එක, ඊටත් වඩා අවුරුද්දකට කිට්ටු කාලයක් කෝස් එක කරන්න වෙනවා කියන එක බොහොම කටුක අත්දැකීමක්ය. විභීෂණ ඔය ටික තේරුම් ගත්තේ මේ කෝස් එක කරන්න ගිහින් ය.

ඉතින් මේ වෙනකොට විභී ගේ අදහස තව බොහෝ කාලෙකට කිසිම කෝස් එකක් නොකරන්න ය. එත් අවංක වම එහෙම කරන්න තියෙන චාන්ස් එක බොහොම අඩුය. තව ටික කාලෙකින් තව මොකක්හරි සුදුසුකමක් ලබා ගන්න තව මොකක්හරි කෝස් එකක් කරන්න සිද්ධ වෙනු ඇත. නොකලොත් ලැබෙන්න තියෙන පොඩි හෝ දෙයක් නොලැබී යනු ඇත.ඒ කෝස් එකත් මේ විදියට ම ති දාගෙන නිදි මරාගෙන කරන්න සිද්ධවෙනු ඇත.

මොනා කරන්න ද නේද?

කොහොම කොහොම හරි ආපහු විභීෂණ ට තව කෝස් එකක ට අහුවෙනකම් හෝ , කසාද බඳින දවස වෙනකම්  ආපහු නිදහස ලැබී ඇත. ඉස්සර කරපු බ්ලොග් රස්තියාදුව , කොමෙන්ටු කෙටීම ආපහු පටන් ගන්න දැන් පුළුවන් ය. ඒ නිසා බස් තියන්  පයින් යන නොහොත් බ්ලොග් තියන් මොකුත් නොලියන කැටගරියෙන් අද සිට  විභීෂණ ඉවත් වන්නේය.
මොකුත් නොලියපු කාලේ ත් අඩවියට ඇවිත් කියවන්න මොකුත් නැතුව කේන්තියෙන් හිස් අතින් පිටවෙලා ගිය හැමෝටම විභීෂණ ගේ හදපිරි කනගාටුව මෙසේ පලකරන්න කැමතිය.

එහෙනම් ඊළඟ පොස්ටුවෙන් හම්බු වෙමු ය.

ආයු බෝ වේවා…