කුහකයිනි, පවු නොදී ගෙදර පල

SAITM-2-300x225

 

SAITM එකට සහ  ප්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ ව රෙද්ද උස්සන් දගලන කැම්පස් හැත්ත වෙත  ලියන වගයි,

තොපි ඊයේ පෙරේදා කොළඹ දී උද්ගෝෂණ ය කරන්න ගිහින් ඉල්ලගෙන කාපු හැටි අපි හොඳ හැටි ගෙදරට වෙලා ටීවී එකෙන් නැරඹුවෙමු. තොපි  ගුටි කාපු හැටි වතුර නාපු හැටි දැකලා ” අනේ මේ අපේ අහිංසක දරුවෝ නේද කියලා ” එක තප්පර්රෙකට විතර පුංචි දුකක් ඇති වුනත්  තොපි  ඒ උද්ඝෝෂණය කරන්න ආපු හේතුව අහපුවාම කලින් පහල වෙච්ච  දුක සේරම නැති වෙලා “තව ගහපිය ඔය ඊරිසියා කාර හැත්තට” කියලා හිතුනු බව අවංකව ම කියන්නේ  ඒ එවෙලේ තොපි  ගැන ඇතිවෙච්ච් ඒ කේන්තිය නිසාමය. දිගටම කියවන්න

Advertisements

PET SCAN එකක් ගත්තා වගේ නෙමේ

petscan-650x330දෙරණ සැට් එකයි තව තව ආයතන කීපෙකුයි මුළු ලංකාවේම මිනිස්සුයි එකතු වෙලා මහරගම පිළිකා රෝහලට රුපියල් වලින් කොටි විස්සක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබා ගන්න කරපු දීප ව්‍යාප්ත ආධාර එකතු කිරීමේ ව්‍යාපාරය සාර්ථක වුනාය කියන ඒ ඇහැ අගට සතුටු කඳුළු බිඳක් එක කරන ඒ නිවුස් එක පහුගිය දවස් ටිකේ කණට වැටුනේ ය.

දෙරණ කරන ගොඩක් දේවල් ගැන විවේචන තිබුනත් මේ වැඩේ ගැන නම් විභීෂණ එකෙන්ම දෙරණට රෙස්පෙක්ට් කරන්නේ ය.  දිගටම කියවන්න

ඒකාබද්ධ හූනියමේ පිහිටෙන් රවී කරුණානායක ස්ථාවර විය.

92df9-17opp

කිසිදා නොසිතු විදියට උන් හිටි ගමන් බලය අහිමිවීම නිසා වික්ෂිප්ත භාවයට , උම්මත්තක භාවයට පත්වී සිටින ඒකාබද්ධ හුනියමේ මල පෙරේත රංචුව ට අවුරුදු එකහමාරක් ගිහිනුත් තාමත් පියවි සිහියට පැමිණ නැත.

දිගටම කියවන්න

සයිබරයෙන් විසිවුනි . ආපහු ආවෙමි

Favim.com-2285

සයිබර් අවකාශය අපේ ලයිෆ් ස්ටයිල් එකට කොච්චර බලපැමක කරලා තියෙනවද කියලා දැන ගන්න අවශ්‍ය නම කරන්න තියෙන එකම සහ හොඳම දේ ටික කාලෙකට එකෙන් එලියට පැනීම බව මේක කියෝන ඔහෙලාත් ලියන මම විභීෂණ ත් හොඳින්ම දන්නා කාරණයක් ය.

එත් ඒ හොඳම අවස්ථාව කැමැත්තෙන් ලබා ගන්න කිසි කෙනෙක් නැත. හිටියත් ඉන්නේ අතිශයින්ම සුළු ප්‍රමාණයක් පමණය.

දිගටම කියවන්න

“කැම්පස් ගැන කතා කරන්න කැම්පස් ගිහින් වරෙවු “හෙවත් මෝඩ උගතුන්ගේ බංකොලොත් තර්කය

os-mjp-naked-boys-singing-orlando-20160128කැම්පස් එකට කලිසම් ඇඳන් ආපු අලුත් හෙවත් නවක කෙල්ලෙකුට තව සීනියර් කෙල්ලෝ කීපදෙනෙකුයි කොල්ලෙකුයි දවස ගානක් කුණුහරුප කියලා නවකවදය දීමත් ඒ වසවර්ති සැට් එක පොලොසියට කුදලාගෙන යාමත් දැන්  බුකියේ ඉතාමත් සීරියස් ලෙසටත් බ්ලොගේ ඊට ටිකක් විතර අඩුවෙනුත් නැගලා යන ටොපික් එක වී ඇත.
දිගටම කියවන්න

සමාවෙන්න හංසි(2)…

 

මෙතෙක් කතාව ….

————>සමාවෙන්න හංසි(1)…

d7ee0-heartfelt-sorry-text-messages-2-638

අද එතැන් සිට…

 

ම්ම්ම් ඔය එන්නේ අපේ මාස්ටර් මයින්ඩ් එක …

රවියා ගේ ෆිට් එක හින්දාම හොඳට ගියා..

නැත්තම් මෙච්චර සුපිරි ලැබ් එහෙක අපි ඉතින් කවදා සින්දුවක් කියන්නද?
දිගටම කියවන්න